මෙල්බන් තණ තීරුවට අසාදු ලකුණක්
නිමාවු අළුබදුන ටෙස්ට් තරගාවලියේ සිව්වන තරගය පැවති මෙල්බන් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ තණ තීරුව සෑහීමකට පත්විය නොහැකි තත්ත්වයේ පැවති බවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා.
මේ හේතුවෙන් එම තණ තීරුව සඳහා අසාදු ලකුණක් එක් කිරීමට සිව්වන ටෙස්ට් තරගයේ තරඟ තීරකවරයා පියවර ගෙන ඇති බව සඳහන් වනවා.
ඒ අනුව අවුරුදු 02ක් තුල මේ ආකාරයෙන් එම තණ තීරුව සඳහා තවත් අසාදු ලකුණක් එක් වූවහොත් එම ක්‍රීඩංගණයේ පැවැත්වීමට සැළසුම් කර ඇති ටෙස්ට් තරගයක් වෙනත් ක්‍රීඩාංගණයක් සඳහා යොමු කිරීමට සිදුවනු ඇති.
මෙල්බන් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පසුගියදා පැවති අළුබදුන ක්‍රිකට් තරගාවලියේ සිව්වන තරගය දින 02 ක් තුල නිමාවට පත් වුයේ තරගයේ ජය එංගලන්තයට හිමිකර දෙමින්.


