විපතට පත් වූවන් වෙනුවෙන් බණ්ඩාරනායක පදනමෙන් රුපියල් මිලියන 250 ක පරිත්‍යාගයක්

template 35

හදිසි ආපදා තත්ත්වයෙන් විපතට පත් ජනතාව නඟා සිටුවීම සඳහා වන රජයේ අරමුදලට බණ්ඩාරනායක අනුස්මරණ ජාතික පදනම විසින් රුපියල් මිලියන 250 ක මුදලක් පිරිනැමීමට කටයුතු කර තිබෙනවා.

ඒ අනුව එම අරමුදලේ සභාපතිනිය වන, හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක විසින් එම මුදල අගමැති ආචාර්ය හරිනි අමරසූරිය වෙත අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී පිරිනමා ඇති බවයි සඳහන් වෙන්නේ.

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය මහාචාර්ය හිනිඳුම සුනිල් සෙනෙවි සහ බණ්ඩාරනායක අනුස්මරණ ජාතික පදනමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික සාමාජිකාවන් ද මේ අවස්ථාවට සහභාගි වී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *