ගංවතුර, නාය යෑම් සහ තද සුළං හේතුවෙන් ආපදාවට පත් ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු රටවල් කිහිපයක් සඳහා සහන කටයුතු සිදු කිරීමට සහ එම රටවල් යළි ගොඩනැගීමට ආධාර ලබා දීමට ඇපල් සමාගම තීරණය කර තිබෙනවා.
ඒ අනුව, තායිලන්තය, ඉන්දුනීසියාව, මැලේසියාව සහ ශ්‍රී ලංකාව යන රටවල ඇති වූ ආපදා තත්ත්වයන් හේතුවෙන් එම රටවල සිටින ජනතාව මේ වන විට දැඩි ලෙස පීඩාවට පත්ව සිටින බවත්, ආපදාවට පත් වූ රටවල්වල සහන සහ ඉදිකිරීම් කටයුතු සඳහා අවශ්‍ය දායකත්වය දැක්වීමට ඇපල් සමාගම ඉදිරිපත් වන බවයි සිය X ගිණුමෙහි සටහනක් තබමින් එම සමාගමේ විධායක නිලධාරී ටිම් කුක් සඳහන් කර ඇත්තේ.


