ශ්‍රී ලංකාව IMF වෙතින් ඩොලර් මිලියන 200 ක මූල්‍ය පහසුකමක් ඉල්ලයි

template 18

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හදිසි මූල්‍යයන පහසුකම (Rapid Financing Instrument -RFI) යටතේ ශ්‍රී ලංකා බලධාරීන් විසින් එක්සත් ජනපද ඩොලර් මිලියන 200ක මූල්‍ය පහසුකමක් ඉල්ලා ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා.

මෙම ඉල්ලීම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ අනුමැතියට යටත්ව මේ වන විට සමාලෝචනය කරමින් සිටින බවයි නිවේදනයක් නිකුත් කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී Evan Papageorgiou වැඩිදුරටත් සඳහන් කරන්නේ.

මෙම ඉල්ලීමට IMF විධායක මණ්ඩලයේ අනුමැතිය අවශ්‍ය වන අතර, එමඟින් ව්‍යසනය මගින් ඇති කළ ආර්ථික බිඳවැටීමේ පරිමාණය සහ රජයේ පුළුල් මූල්‍ය තත්ත්වය තක්සේරු කරනු ඇතැයි අපේක්ෂා කරන බව වැඩිදුරටත් සඳහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *