අයහපත් කාලගුණයෙන් හානි වූ ජල සම්පාදන ව්‍යාපෘති 156 න් මේ වන විට 148 ක් යථා තත්ත්වයට පත් කර ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.
ඒ අනුව තවත් ජල සම්පාදන ව්‍යාපෘති 08 ක් යථා තත්ත්වයට පත් කිරීමට නියමිතව ඇති බවත්, එම ප්‍රදේශවලට බවුසර් වැනි විකල්ප ක්‍රම මඟින් ජනතාවගේ පානීය ජල අවශ්‍යතාව සපුරන බවයි එම මණ්ඩලය සඳහන් කරන්නේ.
විශාල හානියකට පත් වී ඇති මධ්‍යම පළාත ඇතුළු දිවයින පුරා ජල සම්පාදන ක්‍රමයන් හි හානිය රුපියල් බිලියන 05 ක් පමණ වනු ඇති බවද එම මණ්ඩලය ප්‍රකාශ කර සිටියා.
මෙලෙස ජල සැපයුම යථා තත්ත්වයට පත් කිරීම සඳහා ආරක්ෂක හමුදා, මාර්ග සංවර්ධන අධිකාරිය හා ලංකා විදුලිබල මණ්ඩලය විශාල සහයෝගයක් දැක් වූ බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.
මහජන ප්‍රතිචාර


