වෙඩි වැදුණු හෝටල් හිමිකරු ජීවිතක්ෂයට
දෙහිවල මුහුදු මාවත ප්‍රදේශයේ හෝටලයක් තුළ සිදූවූ වෙඩි තැබීමකින් බරපතළ තුවාල ලබා රෝහල් ගත කර සිටි එහි හිමිකරු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
දෙහිවල මුහුදු මාවත ප්‍රදේශයේ හෝටලයක් තුළ වෙඩි තැබීමක් සිදුව තිබුණේ අද රාත්‍රි 7.54ට පමණයි.
හෝටලයට පැමිණ සිටි දෙදෙනෙකු එම හෝටලයේ හිමිකරු ඉලක්ක කර මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් තිබුණා.
එහිදි එම හිමිකරුගේ හිසට වෙඩි වැදී ඇති අතර වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලැබූ එහි හිමිකරු කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණා.
වෙඩිතැබීම සිදුකළ සැකකරුවන් යතුරුපැදියකින් පලාගොස් ඇති බවට පොලීසිය සැක පළ කරනවා.
මෙම වෙඩිතැබීම මේ වසරේ දෙවැනි වෙඩිතැබීම වන අතර, මේ වනවිට වෙඩිතැබීම්වලින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇතැයි පොලීසිය පැවසුවා.


