කොළඹ – නුවර මාර්ගයේ රථවාහන ගමනාගමනය සීමා කෙරේ

bbb

කොළඹ – නුවර මාර්ගයේ රථවාහන ගමනාගමනය සීමා කෙරේ
ඉදිකිරීමක් හේතුවෙන් කොළඹ නුවර මාර්ගයේ රථවාහන ගමනාගමනය කඩවත ප්‍රදේශයෙන් සීමා කරන බව පොලිසිය පවසනවා.

පොලිසිය පැවසුවේ කොළඹ – මහනුවර මාර්ගයේ බණ්ඩාර වත්ත පුවක්පිටිය ප්‍රදේශයේ මාර්ගය එක් මංතීරුවක් වසා තැබෙන බවයි.

මාර්තු 15 දක්වා මෙම මාර්ගය වසා තැබෙන බව සඳහන් වනවා.

කඩවත – මීරීගම අධිවේගී මාර්ගයේ අන්තර් හුවමාරුවේ ඉදිකිරීම් හේතුවෙන් මෙම රථවාහන සැලැස්ම ක්‍රියාත්මක බවද පොලිසිය පැවසුවා.

පොලිසිය සඳහන් කළේ, විකල්ප මාර්ග ලෙස කඩවත නගර මධ්‍යයේ ආලෝක සංඥා මංසන්ධියේ සිට අධිවේගී පිවිසුම් මාර්ගය ඔස්සේ ඇල්දෙණිය ආලෝක සංඥා මංසන්ධිය දක්වා මාර්ගය භාවිත කළ හැකි බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *