දිගු කාලයක් නිෂ්ක්‍රීයව පැවති මාලිගාවත්ත Liverpool ක්‍රීඩා සමාජය නැවත සක්‍රීය කිරීමේ වැඩසටහනේ ආරම්භක උත්සවය 2026 පෙබරවාරි 4 වන දින “සුහාරා” ශාලාවේදී පැවැත්විණි.
මෙහිදී මැද කොළඹ දරුවන් මත්ද්‍රව්‍යයෙන් මුදවා ගැනීමේ “මතින් තොර දරු පරපුරක්” වැඩසටහනේ ජේෂ්ඨ උපදේශක හා ජේෂ්ඨ මනෝවිද්‍යා උපදේශක අනුරාධ ජයසිංහ මහතා ආරාධිත දේශනයක් පවත්වමින්, තරුණ පරපුර සතුට ලබාගැනීමේ සෞඛ්‍ය සම්පන්න මාර්ගයන් පිළිබඳව අවධානය යොමු කළේය.
ඔහු සඳහන් කළේ, “අපගේ අවට පරිසරයෙන් හෝ දෛනික ක්‍රියාකාරකම් තුළින් සතුට ගෙනෙන හෝමෝන නොලැබෙන විට, ඕනෑම කෙනෙක් එය බාහිරින් මත්ද්‍රව්‍ය වැනි දේවල් හරහා ලබාගැනීමට පෙළඹිය හැකිය. එබැවින් දරුවන්ට සෞඛ්‍ය සම්පන්න ක්‍රියාකාරකම් හා වැඩසටහන් හැකි උපරිමයෙන් ලබාදීම අත්‍යවශ්‍යය” යනුවෙනි.
ඔහු තවදුරටත් අවධාරණය කළේ, තමා කැමැත්තෙන් නියැලෙන ඕනෑම ක්‍රීඩාවක් සතුට ගෙනෙන හෝමෝන ඉහළ මට්ටමින් නිෂ්පාදනය කරන බවත්, එමඟින් දරුවන් මත්ද්‍රව්‍යයෙන් බේරා ගැනීමට ක්‍රීඩාව ප්‍රචලිත කිරීම අනිවාර්ය බවත්ය.


