සීලරතන හිමිගෙන් අග්‍රාමාත්‍යවරියට මංගල යෝජනාවක්

eeee

සීලරතන හිමිගෙන් අග්‍රාමාත්‍යවරියට මංගල යෝජනාවක්

ඊයේ (31) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී උන්වහන්සේ සඳහන් කළේ, රජය විසින් අලුතින් හඳුන්වාදුන් 6 ශ්‍රේණිය ඉංග්‍රීසි භාෂාවට අදාළ මොඩියුලයක් හරහා පාසල් දරුවන් අතර සමලිංගිකත්වය ප්‍රවර්ධනය කරන බවයි.

මෙමගින් අහිංසක දරුවන්ගේ අනාගතය විනාශ වන බව උන්වහන්සේ එහිදී කියා සිටියා.

අග්‍රාමාත්‍යවරියගේ පෙනුම සහ ඇයගේ පෞද්ගලික ජීවිතය දැඩි ලෙස විවේචනය කළ සීලරතන හිමියන්, දරුවෙකු මෙලොවට බිහි නොකර මව් සෙනෙහසේ සහ දරුවෙකුගේ අගය වටහා ගත නොහැකි බව පවසනවා.

ඇයට විවාහ වීම සඳහා සහකරුවෙකු සොයා දීමට තමන් සූදානම් බවද උන්වහන්සේ මෙහිදී උපහාසාත්මකව සඳහන් කළා.

එමෙන්ම උන්වහන්සේ අවධාරණය කළේ, රටේ අධ්‍යාපනය තවදුරටත් විනාශ වීමට ඉඩ නොතබා, අධ්‍යාපන අමාත්‍යාංශය වහාම ජනාධිපතිවරයා යටතට පවරා දිය යුතු බවයි.

මැතිවරණ සමයේ ජාතික ජන බලවේගයට සහය දුන් ගුරුවරුන් සහ ත්‍රිරෝද රථ රියදුරන් දැන් පත්ව ඇති අසීරු තත්ත්වය පිළිබඳව උන්වහන්සේ සිය කනගාටුව පළ කළ අතර, ඔවුන් විසින්ම මෙම විනාශයට මඟ පෑදූ බවට එහිදී චෝදනා කළා.

සම්පූර්ණ විස්තරය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *