ලොව විශාලතම වෙළඳ කලාපය සඳහා ගිවිසුම්ගත වෙයි

lowa wishalaa

ලොව විශාලතම වෙළඳ කලාපය සඳහා ගිවිසුම්ගත වෙයි
යුරෝපා සංගමය (EU) සහ දකුණු ඇමෙරිකානු රටවල් 4ක එකතුවක් වන මර්කෝසර් (Mercosur) කණ්ඩායම අතර දැවැන්ත නිදහස් වෙළඳ ගිවිසුමක් ඊයේ (17) පැරගුවේ රාජ්‍යයේ අසුන්සියොන් (Asuncion) අගනුවරදී අත්සන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම ගිවිසුම මගින් මිලියන 700කට අධික පාරිභෝගික ජනතාවක් ආවරණය වන ලොව විශාලතම නිදහස් වෙළඳ කලාපයක් නිර්මාණය කෙරෙනවා.

යුරෝපා සංගමයේ සාමාජික රටවල් 27ක් සහ මර්කෝසර් සංවිධානයේ සාමාජිකයින් වන ආර්ජන්ටිනාව, බ්‍රසීලය, පැරගුවේ සහ උරුගුවේ යන රටවල් මෙයට ඇතුළත් වනවා.

යුරෝපීය කාර්මික නිෂ්පාදන (මෝටර් රථ, යන්ත්‍රෝපකරණ සහ ඖෂධ) දකුණු ඇමෙරිකානු වෙළඳපොළ විවෘත කිරීමත්, දකුණු ඇමෙරිකානු කෘෂිකාර්මික නිෂ්පාදන (මස්, සීනි සහ සෝයා) සඳහා යුරෝපීය වෙළඳපොළ විවෘත කිරීමත් මෙහි මූලික අරමුණ බව සඳහන් වනවා.

මෙම ගිවිසුම සඳහා සාකච්ඡා ආරම්භ වූයේ 1999 වසරේදී වන අතර එතැන් සිට වසර 25ක් පුරා විවිධ දේශපාලනික සහ පාරිසරික ගැටලු හේතුවෙන් ප්‍රමාද වූ මෙම ගිවිසුම අවසානයේ අත්සන් තැබීම ජාත්‍යන්තර වෙළඳාමේ සන්ධිස්ථානයක් ලෙස සැලකෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *