අනුර කියන්නේ එළාරගේ නැවත ඉපදීමක් – විමල්
පොහොය දිනවලට අනුරාධපුර ශ්‍රී මහා බෝධීන් වහන්සේ පසුකරගෙන යාපනයට පැමිණීමේදී එහි ඇත්තේ සීලය නොව වෛරය බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා යාපනයේදී සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා අදහස් පල කර තිබුණා.
එහිදී ඔහු සඳහන් කර සිටියේ, වන්දනාමාන සඳහා බෞද්ධයින් යන විහාරස්ථාන පිළිබඳව තීරණය කිරීමට රටේ ජනාධිපතිවරයාට කිසිදු අයිතියක් නොමැති බවත්, දකුණු ඉන්දීය ආක්‍රමණිකයෙකු වූ එළාර මිය යන මොහොතේ ‘සිංහලයෙකු වී හෝ මෙම ජාතියෙන් පළිගන්නා බව’ පැවසූ බවට ජනප්‍රවාදයක් ඇති අතර, වත්මන් ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය දෙස බලන විට එම එළාරගේ ආත්මය වැහී ඇති අයුරක් තමන්ට පෙනෙන්නට තිබෙන බවත් ඔහු ප්‍රකාශ කළා.
ජනාධිපතිවරයා යාපනයේ සිදුකරන ප්‍රකාශ හරහා උතුරේ ජනතාවගේ සහ ඩයස්පෝරාවේ ආකර්ෂණය දිනා ගැනීමට උත්සාහ කරමින් සිටින බවත්, එමඟින් අනෙකුත් ජන කොටස්වලට ඇති අයිතිවාසිකම් පිළිබඳව ඔහුට අමතක වී ඇති බවත් ඔහු සඳහන් කළා.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් හිටපු අමාත්‍යවරයා කියා සිටියේ,
“අවධාරණය කරන්න ඕන ජනාධිපතිවරයා ඊයේ යාපනයේදී කරපු ප්‍රකාශය. මම හිතන්නේ ජනාධිපතිවරයා එක්තරා ආකාරයක දැන් තමුන්නාන්සේලා දන්නවා සල්ලි බාගෙ තියෙන මිනිහෙක් දැක්කොත් ගණිකා වෘත්තියේ යෙදෙන කාන්තාවක් ඉඟි බිඟි පානවා ඇඟ පෙන්නන්න පටන් ගන්නවා. දැන් ජනාධිපතිවරයා උතුරට ගියාම එයත් අර ආකර්ෂණය දිනා ගන්න හදනවා උතුරේ ජනතාවගේත් ඒ වගේම ඩයස්පෝරා එකෙත්. එතකොට ඒ නිසා එයාට අනිත් ජනකොටස් ගැන ඒ අයට තියෙන අයිතිවාසිකම් ගැන අමතකක වෙනවා. ජාතිවාදය ගැන කතා කරන්නෙම උතුරට ගිහිල්ලා යාපනේ ගිහිල්ලා. කොහෙවත් නෑ. දැන් රටේ ජනාධිපතිට මොකක්ද තියෙන අයිතිය මේ බෞද්ධයා යන්න ඕන විහාරස්ථාන ගැන තීරණය කරන්න.
දැන් උතුරේ තියෙන විහාරස්ථානවලට ගිහිල්ලා සිල් ගන්න බෞද්ධයාට තහනම්ද? සිල් ගන්න ඕන තැනදී ගමේ පන්සලේ විතරද එතකොට සිල් ගන්න ඕනේ? මේ රටේ මුස්ලිම් ජනතාවව මක්කම යන්න එපා ද? අපි බුද්ධගයාව වන්දනා කරන්න ඕනේ නැද්ද?කතරගමට එන්න දෙමළ මිනිස්සුන්ට අයිතියක් නැද්ද එහෙනම් එහේ ඕන තරම් හින්දු කෝවිල් තියෙනවා කියලා. කතරගමට වන්දනාවට එන්න ඕනේ නැද්ද දෙමළ මිනිස්සු? මේ මඩු පල්ලියට යන්න ඕනේ නැද්ද කතෝලික මිනිස්සු? මේහේ ඕන තරම් පල්ලි තියෙනවා කියලා. මේ රටේ කිසිම ආගමක ජනතාවගේ ඒ භක්තිවන්ත ක්‍රියාදාමය තීරණය කරන්න ඒක කොහෙද කෙරෙන්නේ කියලා තීරණය කරන්න ජනාධිපතිට කිසිම බලයක් නෑ. අතනට ගියාම වෙන්නේ ඒ ඡන්ද ටිකට කෙළ හලනවා අර එතන චූන් කරන්න හිතට එන ඕන කට කැඩිච්ච කතාවක් කියලා එනවා. අර එළාර කියන දකුණු ඉන්දීය ආක්‍රමණිකයා මැරෙන වෙලාවේ අන්තිම මොහොතේ කිව්වලු මං සිංහලයෙක් වෙලා හරි ඒ ජාතියෙන් පළිගන්නවා කියලා. මට පේන්නේ ඒක වෙලා වගේ තමයි මට නම් පේන්නේ. එහෙට ගියාම තමයි අමුතුව කතාවල් එළාරව වැහිලා එලියට එනවා. ඕක තමයි මේ වෙලා තියෙන්නේ….”


