තවත් සමුපකාරයක බලය පොදු විපක්ෂයට

තවත් සමුපකාරයක බලය පොදු විපක්ෂයට
අම්පාර දිස්ත්‍රික්කයට අයත් දෙහිඅත්තකණ්ඩිය සීමා සහිත විවිධ සේවා සමුපකාර සමිතියේ බලය සමගි ජන බලවේගය ප්‍රමුඛ පොදු විපක්ෂයට හිමිව තිබෙනවා.

සභාපතිවරයා ඇතුළු නව අධ්‍යක්ෂ මණ්ඩලය තොරා පත්කර ගැනීමේ නිලවරණය ඊයේ (24) සහකාර සමූපකාර කොමසාරිස් නලින් මහි කුමාර මහතාගේ අධීක්ෂණය යටතේ දෙහිඅත්තකණ්ඩිය සමුපකාර පරිශ්‍රයේ දී පැවැත්වුණා.

සමාජිකයින් 72දෙනෙක් නිලවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කළ අතර එහිදී පොදු විපක්ෂයට ඡන්ද 46ක් ද, ජාතික ජන බලවේගයට ඡන්ද 23ක් ද හිමිවුණා.

ඉන් ඡන්ද 03ක් ප්‍රතික්ෂේප වූ අතර ඒ අනුව වැඩි ඡන්ද 23කින් සමගි ජන බලවේගය ප්‍රමුඛ පොදු විපක්ෂය ජයග්‍රහණය කළා.

ඒ අනුව එහි හිටපු සභාපති වන සමගි ජනබලවේගයේ G.M. ජයවර්ධන මහතා නැවතත් නව සභාපතිවරයා ලෙස තේරීපත් වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *