ආර්ථික වර්ධනය බලලා වෛද්‍යවරුන් ඉල්ලන සියලු දේවල් ලබාදෙන්නම් – නලින්ද

WhatsApp Image 2026 01 25 at 15.31.23 2

ආර්ථික වර්ධනය බලලා වෛද්‍යවරුන් ඉල්ලන සියලු දේවල් ලබාදෙන්නම් – නලින්ද
ආර්ථික වර්ධනයත් සමඟම වෛද්‍යවරුන් ඉල්ලීම් කරන සියලු දේවල් ලබා දීමට තමා සූදානම් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.

ඔහු එහිදී සඳහන් කළේ, දිට්වා සුළි කුණාටුවෙන් දැවැන්ත හානි වුවත් වෛද්‍ය නිලධාරීන්ට වසරක් තුළ අති විශාල වැටුප් වැඩිවීමක් ලබාදී තිබියදී රෝගීන් ප්‍රාණ ඇපයට තබා ගෙන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වර්ජනය කිරීම ඉතා අසාධාරණ බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ,

“2025 මැයි මාසෙදි ලැබුණු මූලික වැටුපට නොවෙයි 2028 ජනවාරි වල ලැබෙන මූලික වැටුපට අදාළව තමයි එතැන් සිට වැටුප් සකස් කලේ. අපේ රටේ ඉන්න මේ ශ්‍රේණි වෛද්‍යවරුන්ට 52,935 තිබුණ මූලික වැටුප 82,547 දක්වා වැඩි වෙලා තිබෙනවා. ඒ වගේම ඉතුරු දීමනා සියල්ලමත් එක්ක මේ එකතුව ගත්තට පස්සේ 237,520ක වැටුපක් ලැබුවා නම් තමන්ගේ ටේක් හෝම් සැලරි එක 272,572 දක්වා වැඩි වෙලා තියෙනවා.

ග්‍රේට් 2 මෙඩිකල් ඔෆිසර් කෙනෙක් රුපියල් 255, 525ක් ගත්තා නම් අපි එන්න කලින්, ඒ වෛද්‍යවරයාගේ ටේක් හෝම් සැලරි එක 300,913 දක්වා වැඩි වෙලා තියෙනවා.

ග්‍රේඩ් 1 මෙඩිකල් ඔෆිසර් කෙනෙක්ගේ ඉලක්කම් හයක මූලික වැටුපක් ඉතිහාසයේ පලවෙනි වතාවට ලැබෙන්නේ මේ ජනවාරි මාසයේ ඉදලා. 111,093 ක් ලැබෙනවා. ග්‍රේඩ් 1 මෙඩිකල් ඔෆිසර් කෙනෙකුට මීට කලින් 360,025ක් ලැබිච්ච කෙනෙකුට දැන් ටේක් හෝම් සැලරි එක දැන් 360,713ක් ලැබෙනවා.

මූලික වැටුප් වැඩි කළා. ඒ මත පදනම් වෙලා දිමනා වැඩි කළා. එපමණක් නෙමෙයි apit tax එක රුපියල් 100,000 ඉදාඅ රුපියල් 150,000 දක්වා සීමා වැඩි කිරීම ඇතුලෙත් මේ ශ්‍රේණි වෛද්‍යවරුන්ට ඒ පහසුකම් ලැබිලා තියෙනවා. ඒකෙනුත් අමතර ආර්ථික වාසියක් ලැබෙනවා. Rebuilding කටයුතු වෙනුවෙන් අපි අමතර වශයෙන් රුපියල් බිලියන 500ක් වෙන් කරලා තිබෙනවා. හැබැයි එහෙමයි කියලා අපි මේ කිසිදු ආකාරයේ මූලික වැටුප අමතර දීමනාවක් කපන්න කටයුතු කරලා නෑ.

මේ විදිහට දිගටම වැඩ වර්ජන කරමින් ජනතාව බිල්ලට ගන්න රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය කරන උත්සාහය අපි හෙළා දකිනවා. මම සමස්ත වෛද්‍යවරුන්ට, විශේෂඥ ශ්‍රේණියවරුන්ට, ශ්‍රේණි වෛද්‍යවරුන්ට, පරිපාලන වෛද්‍යවරුන්ට, හැමදෙනාගේම ඉල්ලීමක් කරන්න කැමති අපි ඔබට ලබාදීලා තිබෙන සියලු දේවල් ලබාදෙන සූදානම් ආර්ථික වර්ධනයත් එක්ක. ඒ නිසා කරුණාකරලා රෝගී ජීවිත බිල්ලට අරගෙන කරන වැඩ වර්ජන නතර කරන්න කියන ඉල්ලීම් මම මේ වෙලාවේ කරන්න කැමති…”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *