මිනිස්සු අපිව විශ්වාස කරන්නේ නැහැ – චාමර

Chamara Sampath

මිනිස්සු අපිව විශ්වාස කරන්නේ නැහැ – චාමර
විවිධ මාධ්‍ය ආයතන මර්දනය කිරීම සඳහා රජය සූදානම් වන බවත්, ජනතාව නරඹනුයේ මාධ්‍ය ආයතනවල අයිතිකරුවන් හෝ එහි සේවය කරන සේවකයින් දෙස නොව එහි ප්‍රවෘත්ති දෙස පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් මහතා පවසනවා.

මාධ්‍ය ආයතන මර්දනය කිරීමට ඉඩ නොදෙන ලෙස විදේශ රටවලින් තමාට ඇමතුම් ලැබෙන බවත්, වර්තමානය වන විට ජනතාව තමාව හෝ මන්ත්‍රීවරුන්ව විශ්වාස නොකරන අතර, මාධ්‍ය විසින් නිකුත් කරන ප්‍රවෘත්ති විශ්වාස කරන බවත්, ඔහු එහිදී කියා සිටියා.

එම නිසා මාධ්‍ය මර්දනයට හෝ මාධ්‍යට අත තැබීමට උත්සහ කිරීම වහාම නවත්වන ලෙස ඔහු අවධාරණය කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දකමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ,

” මිනිස්සු බලන්නේ මාධ්‍ය අයතනවල අයිතිකාරයෝ හරි වැඩ කරන අයව නෙවෙයි බලන්නේ. එක පාරක මර්වින් සිල්වා ජාතික රූපවාහිණියට ගිහිල්ලා මතකද ඇණගත්ත ඇනගැනිල්ල. හැබැයි මාධ්‍ය ආයතනවලට ගිහිල්ලා ඇනගත්තොත් අපි කියනවා ජනමාධ්‍ය අමාත්‍යතුමාට ‘කොටලා කොටලා කොට්ටෝරුවා කෙහෙක් ගහට කොටනවා වගේ වෙනවා’ මේ මාධ්‍ය ආයතනත් එක්ක සෙල්ලම් කරාම…

මිනිස්සු මොකක්ද අද කියන්නේ? අපිව විශ්වාස කරන්නේ නෑ. මන්ත්‍රීවරුන්ව විශ්වාස කරන්නේ නෑ. මිනිස්සු මාධ්‍ය අරගෙන තමයි දැන් හැමතැනම යන්නේ. ඒ නිසා මාධ්‍යට අත තියෙන එක වහාම නවත්තගන්න කියලා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *