ඩ්‍රෝන යානා නියාමනයට වැඩපිළිවෙළක්

rapid aaa

ඩ්‍රෝන යානා නියාමනය සඳහා නිසි වැඩපිළිවෙළක් හඳුන්වාදෙන බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසනවා.

එහි අධ්‍යක්ෂ ජනරාල් කපිතාන් දමින්ද රඹුක්වැල්ල මහතා සඳහන් කළේ වාණිජමය වටිනාකමක් සහිත සියලු ඩ්‍රෝන යානා ලියාපදිංචි කළ යුතු බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියේ,

“සිවිල් ගුවන් සේවා අධිකාරිය මේ ඩ්‍රෝන යානා නියාමනයක් සිදුකරනවා. ඇත්තටම ගත්තොත් මෙහි කොටස් දෙකක් තියෙනවා.
ඒ කියන්නේ පුද්ගලයින් ගෙනයන ඩ්‍රෝන යානා සහ පුද්ගලයින් රහිත ඩ්‍රෝන යනා. මේවා සඳහා සිවිල් ගුවන් සේවා අධිකාරිය හැටියට
විදිමත්ව ගුවන් ගත කිරීම සඳහා රෙගුලාසි හඳුවා දීලා තියෙනවා. අපි මේ වසරේ සිට එවා ක්‍රියාත්මක කිරීමට නියමිතයි. අපි මේක කලින් හඳුන්වා දුන්නේ
වසර දෙකකට කලින්. ඇත්ත වශයෙන්ම කිව්වොත් මෙහි කොටස් වර්ග කිහිපයක් තියෙනවා ග්‍රෑම් 250 සිට කිලෝ ග්‍රෑම් 25 දක්වා කොටස, ඊට පහළට
වෙන්න සෙල්ල බඩු කියන වර්ගයට වැටෙන ඒවා අපි නියාමනය කරන්න අපි යන්නේ නැහැ මොකද සිවිල් ගුවන් සේවා අධිකාරිය ග්‍රෑම් 250ක්
සහ වාණිජ පදනමෙන් පාවිච්චි කරනවානම් අපි එය නියාමනය කරන්න අවශ්‍ය. ඉතින් ඒ සඳහා කිසිම ගැටලුවක් නැහැ. ඔවුන් එවා ආනයනය කරනවාට
වෙනම රෙගුලාසි තියෙනවා ඒවට අනුකූලව කරන්න පුළුවන්.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *