හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇතුළු සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසක් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට අද (12) අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කළා.
ඒ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉල්ලා අස්කර ගන්නා ලෙසත්, අගමැතිනි හරිනි අමරසූරිය අධ්‍යාපන අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසයි.
ඊයේ (10) කොළඹදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු ප්‍රකාශ කළේ, මෙම අඛණ්ඩ සත්‍යග්‍රහයට දරුවන්ට ආදරය කරන සියලුම දෙමව්පියන්ට කිසිදු භේදයකින් තොරව එක්විය හැකි බවයි.
දරුවන්ට අවස්ථාවක් දෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වෙනුවට දරුවන්ට නිසි අවස්ථා නොලැබෙන ප්‍රතිසංස්කරණ මෙම නව ප්‍රතිසංස්කරණ මගින් හඳුන්වා දී ඇති බවත් මෙම ප්‍රතිසංස්කරණ සිදුකරන්නේ සම්පූර්ණයෙන්ම ජාවාරමක් වශයෙන් බව ඔහු ප්‍රකාශ කළා.
ඊට අමතරව දරුවන්ගේ අනාගතය විනාශ කිරීමේ වැඩපිළිවෙලද මෙම ප්‍රතිසංස්කරණවලට එක්ව තිබීම ඉතා බරපතල කාරණයක් බව පැවසු වීරවංශ මහතා මේ ගැන මුළු රටේම දැඩි අවධානය යොමු කර දරු පරපුර බේරා ගැනීමට කටයුතු කළ යුතු බව පවසා සිටියා.
අසභ්‍ය වෙබ් අඩවි සහ අසභ්‍ය you tube නාලිකා ඇතුළත් කරමින් මෙම නව අධ්‍යාපන ප්‍රසංස්කරණ හඳුන්වාදීම ඉතාම බරපතළ තත්ත්වයක් බවත් මෙමගින් සිදුකිරීමට සැලසුම් කරන්නේ
තාක්ෂණික මෙවලම් වැඩිපුර පරිහරණයට යොමු කර මුදල් එක් රැස් කිරීමේ මහා ජාවාරමක් බව පැවසු විරවංශ මහතා මෙම තත්ත්වයන් පිළිබඳව සමාජයේ විද්වතුන්ගේද වැඩි අවධානයක් යොමු විය යුතු බව සඳහන් කළා.
මෙම මොඩියුල්වලට වෙබ් අඩවි ඇතුළත් කිරීම නිසා එම වෙබ් අඩවිවලට ලක්ෂ ගණනක් පිවිසෙන බවත් එමගින් මුදල් සොයා ගැනීමේ විශාල ජාවාර
මක් පවතින බවත් එම මුදල් යන්නේ කාටදැයි සොයාබැලීමද ඉතා වැදගත් වන බවත් ඔහු සඳහන් කරනවා.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ, පාසැල් දරුවන්ට විශාල වශයෙන් බලපාන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සැලසුම් කරන විට එය ඉතා පරෙස්සමෙන්
සිදු කළ යුතු බවත් නියමු ව්‍යාපෘති වැනි දේවල් සිදුකර විද්වතුන්ගේද විශාල සංවාදයක් ඇතිකොට රටට සහ දරුවන්ගේ අනාගතයට මෙන්ම නවීන ලෝකයට ගැලපෙන පරිදි ඉතා පරිස්සමෙන්
සකස් කළ යුතු නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මෙසේ කඩුමුඩියේ සකස් කිරීම නිසා මෙවැනි සමාව දිය නොහැකි වැරදි සිදුවන බවයි.


