ත්‍රිරෝද රථ 11ක් සමග හොර කල්ලියක් දැලේ
මිරිහාන පොලිස් ස්ථානයට වාර්තාව තිබූ කිඹුලාවල ප්‍රදේශයේ සංගීත සංදර්ශනයකදී ත්‍රී රෝද රථයක් සොරකම් කිරීම සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේදී එම ත්‍රිරෝද රථය කුරුවිට ප්‍රදේශයේ තිබි පුද්ගලයකු සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සිදු කළ දීර්ඝ ප්‍රශ්න කිරීමේදී තවත් පුද්ගලයන් දෙදෙනකුද අත්අඩංගුවට ගෙන සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීමේදී යටියන්තොට බලන්ගොඩ බදුල්ල හා බත්තරමුල්ල ප්‍රදේශවලදී සැකකරුවන් විසින් සොරා ගත් තවත් තීරෝද රථ දහයක් විමර්ශන නිලධාරීන් විසින් සොයාගත් බව වාර්තා වනවා.
එම ත්‍රිරෝද රථ සොයා ගන්නා අවස්ථාවේදී සැකකරුවන් ඒවායේ වර්ණය හා chasy අංක මෙන්ම අංක තහඩු වෙනස් කර ව්‍යාජ ලිපි ලේඛන ද සකස් කර අලෙවි කිරීමට සූදානම් කර තිබූ බවත් තවත් ත්‍රී රෝද රථ අලෙවි කර තිබූ බවයි පොලිසිය සඳහන් කරනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 30 හා 46 පසුවන කැලණිය අම්බලන්තොට පරකඩුව පදිංචිකරුවන්.
නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබනවා.


