අමරකී‍ර්ති ඝාතන නඩුවේ සැකකරුවන් අධිකරණයට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ නඩු තීන්දුව ප්‍රකාශයට පත් කිරීම සඳහා විත්තිකරුවන් ගම්පහ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය වෙත රැගෙනවිත් තිබෙනවා.

2022 මැයි මස 09 වැනිදා රට පුරා පැතිර ගිය අරගලකාරී වාතාවරණය මධ්‍යයේ, නිට්ටඹුව නගරයේදී සිදු වූ ප්‍රහාරයකින් එවකට පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා ජීවිතක්ෂයට පත් වුණා.

මෙම ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් පුද්ගලයන් 42 දෙදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගම්පහ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබුණා.

ඊට අදාළ නඩු තීන්දුව පසුගිය ජනවාරි 14 වැනිදා ප්‍රකාශ කිරීමට නියමිතව තිබුණ ද, එය අද (11) දින දක්වා කල් තැබීමට අධිකරණය පියවර ගනු ලැබුවා.

අදාල තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිත බැවින්, දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේ සැකකරුවන් අද අධිකරණය වෙත ඉදිරිපත් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *