ප්‍රදේශ රැසකට අද සවස තරමක තද වැසි
මධ්‍යම, ඌව, නැගෙනහිර සහ උතුරු – මැද පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් අද (12) විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.
නුවරඑළිය, මාතලේ, බදුල්ල සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක් තද වැසි ඇති විය හැකියි.
උතුරු පළාතේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව සඳහන්.
සෙසු ප්‍රදේශවල ප.ව. 2.00න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර, ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක් තද වැසි ඇති විය හැකියි.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව එම නිවේදනයේ සඳහන් වෙනවා.
ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.


