බංග්ලාදේශයේ දේශපාලන යුගයක පෙරළියක්: හසීනා – සියා නොමැති තීරණාත්මක මහ මැතිවරණය අද

WhatsApp Image 2026 02 12 at 11.43.36 AM

දශක ගණනාවක් බංග්ලාදේශ දේශපාලනය හෙබවූ ප්‍රබල චරිත දෙකක් වන ෂෙයික් හසීනා සහ ඛලීඩා සියා නොමැතිව පැවැත්වෙන පළමු තීරණාත්මක මහ මැතිවරණය අද (පෙබරවාරි 12) ආරම්භ වේ. මෙය බංග්ලාදේශ ඉතිහාසයේ නව දේශපාලන ගමන් මගක් සනිටුහන් කරන සන්ධිස්ථානයක් ලෙස සැලකේ.

පසුගිය කාලසීමාවේ ඇති වූ දැවැන්ත ශිෂ්‍ය නැගිටීම්, දේශපාලන අස්ථාවරත්වය සහ පාලන තන්ත්‍රයේ බිඳ වැටීම් හමුවේ මෙවර මැතිවරණය වඩාත් සංකීර්ණ මුහුණුවරක් ගෙන ඇත. වසර ගණනාවකට පසු බංග්ලාදේශ ඡන්ද පත්‍රිකාවක ප්‍රධාන අපේක්ෂකයන් ලෙස හසීනා හෝ සියා යන නාමයන් ඇතුළත් නොවීම විශේෂත්වයකි.

පැවති දේශපාලන රික්තය තුළ මෙවර මැතිවරණ සටනේ පෙරමුණ ගැනීමට ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනෙකු සමත්ව සිටිති.ඒ අතර තාරික් රහ්මාන් ද සිටී , මොහු වසර ගණනාවක් පිටුවහල්ව සිට නැවත මව්බිමට පැමිණෙන ඔහු බංග්ලාදේශ ජාතික පක්ෂයේ (BNP) ඉදිරි ගමන තීරණය කරන ප්‍රබලතම සාධකය බවට පත්ව ඇති පුද්ගලයායි.ඊට අමතරව ෂෆිකුර් රහ්මාන් ද වේ. මොහු ජමාත්-ඊ-ඉස්ලාම් පක්ෂයේ නායකයා ලෙස ඔහු මෙවර මැතිවරණයේදී තීරණාත්මක බලපෑමක් එල්ල කරනු ඇතැයි දේශපාලන විචාරකයෝ පවසති.

පසුගිය වසරේ ඇති වූ ජනතා විරෝධය හමුවේ ෂෙයික් හසීනාට සිය ධුරය අතහැර රටින් පිටවීමට සිදු වූ අතර, එතැන් පටන් බංග්ලාදේශය අන්තර්වාර පාලනයක් යටතේ පැවතුණි. ජනමතයේ මෙම සීඝ්‍ර වෙනස්වීමත් සමඟ අද පැවැත්වෙන මැතිවරණය එරට ප්‍රජාතන්ත්‍රවාදයේ අනාගතය තීරණය කරන මිනුම් දණ්ඩක් වනු නොඅනුමානය.

බංග්ලාදේශය පුරා දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේ ඡන්ද විමසීම පැවැත්වෙන අතර ප්‍රතිඵල නිකුත් වීමත් සමඟ එරට නව දේශපාලන නායකත්වය කවුරුන්ද යන්න තීරණය වනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *