“බල්ලාගේ ආණ්ඩුව බැල්ලීගෙන නීතිය” නිසා මතුගම ප්‍රාදේශීය සභාව ඇවිලේ

sddsd

මතුගම ප්‍රාදේශීය සභාවේ ජන අරගල සන්ධානයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී නිහාල් තොටගමුව විසින් ඊයේ දින සිදුකරන ලද බල්ලාගේ ආණ්ඩුව බැල්ලිගේ නීතිය යන ප්‍රකාශය නිසා සභාවේ නොසන්සුකාරී තත්ත්වයක් ඇති වී තිබෙන අතර එම ප්‍රකාශය සම්බන්ධයෙන් මතුගම ප්‍රාදේශීය සභාවේ දැනට පාලන බලය හොබවන සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම විසින් ම මේ සම්බන්ධයෙන් දැඩි විරෝධයක් එල්ල කර ඇත .

එහිදී ඔවුන් දන්වා ඇත්තේ සභාවට හා සභාපතිවරයාට බල්ලා බැල්ලී යනුවන් මෙලෙස ආමන්ත්‍රණය කිරීම කිසිලෙසකින් පිළිගත නොහැකි බවත් එය සභාවේ ගෞරවයට සිදුකරන ලද හානියක් බවත්ය.

එම නිසා මෙම ප්‍රකාශය වහාම ඉල්ලා අස්කර ගන්නා ලෙස දන්නවමින් ඔවුන් විසින් නිහාල් තොටුගමුව මන්ත්‍රීවරයා වෙත ඔවුන්ගේ විරෝධත්වය ප්‍රකාශ කර ඇත.
කෙසේ නමුත් නිහාල් තොටගමුව මන්ත්‍රීවරයා විසින් දන්වා සිටින්නේ, මෙම ප්‍රකාශය ඔහු විසින් සිදුකළේ සභාවට හෝ සභාපතිවරයාට අපහාස කිරීමේ අරමුණින් නොවන බවත් ,එය ඉදිරිපත් කරන ලද උපහරණයක් පමණක් බවත්ය ,

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *