ජල ටැංකියක තිබී ගිනිඅවියක් සොයාගෙන

WhatsApp Image 2026 01 19 at 14.50.59

කෙසෙල්වත්ත ප්‍රදේශයේ ජල ටැංකියක තිබී විදේශීය රටක නිෂ්පාදිත පිස්තෝල අවියක් සොයාගෙන තිබෙනවා.

එම ප්‍රදේශයේ මහල් නිවාසයක අතහැර දමා තිබූ ජල ටැංකියක් තුළ තිබී එම පිස්තෝල අවිය සොයාගත් බව පොලීසිය පැවසුවා.

එමෙන්ම එහි තිබී පතොරොම් 29ක් ද සොයාගෙන තිබෙනවා.

අදාළ පිස්තෝල අවිය මෙම ස්ථානයට ගෙනවිත් දැමූ සැකකරුවන් සොයා කෙසෙල්වත්ත පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *