ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරක ස්ථාන ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ආරුගම් බොක්ක ප්‍රදේශයේ සංචාරක ස්ථාන කිහිපයක් ඉලක්ක කර ගනිමින් එල්ල විය හැකි ප්‍රහාරයක් පිළිබඳ විශ්වසනීය තොරතුරු ලැබී ඇති බව ශ්‍රි ලංකා අමෙරිකානු තානාපති කාර්යාලය සඳහන් කළේ ය.
එම නිවේදනයේ සදහන් කර තිබුණේ, නැවත දැනුම්දෙන තුරු ආරුගම් බොක්ක ප්‍රදේශයේ සංචාරය කිරිමෙන් වළකින ලෙස අමෙරිකානු පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින බව ය.


