මහජන ආරක්ෂක අමාත්ය විජිත හේරත් මහතා අද පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී අනාවරණය කළේ මේ සම්බන්ධයෙන් වූ බුද්ධි තොරතුරු ඉකුත් ජනාධිපතිවරණයට පෙර සිටම ආරක්ෂක අංශ වෙත ලැබී තිබු බවය.
අම්පාර දිස්ත්රික්කයේ අරුගම්බේ ප්රදේශයේ රැඳීසිටින ඊශ්රායල ජාතිකයන් ඉලක්ක කර ප්රහාරයක් එල්ල කිරීමේ සැලසුමක් ඇතැයි විදෙස් බුද්ධි අංශයකින් මෙරට ආරක්ෂක අංශ වෙත අදාළ තොරතුරු මගින් දැනුම් දීමක් සිදු වූ අතර
එහි දැක්වුණේ ප්රහාරය ඔක්තෝබර් 19ත් 23ත් අතර කාලය තුළදී එල්ලවිය හැකි බවත් ඒ සඳහා ලාංකික පුද්ගලයන් දෙදෙනෙකු සූදානමින් සිටින බවත්ය. ඒ අනූව අරුගම්බේ වෙරළ තීරය මෙන්ම ප්රදේශයේ සංචාරක ලැඟුම්හල් ආශ්රිතව ද ආරක්ෂාව තර කර තිබෙන අතර විදේශිකයන් බහුලව ගැවසෙන ඇල්ල, වැලිගම, උනවටුන ඇතුළු සංචාරක කලාපවල ද ආරක්ෂක රැකවල් යොදා ඇත.


