නොසිතු මොහොතක ජිවිත දෙකක් දුම්රියේ ගැටේ

train 3

හබරාදුව පොලිස් වසමේ මිහිරිපැන්න දුම්රිය හරස් මාර්ගය අසලදී යතුරු පැදියක් මාතර සිට ගාල්ල දක්වා ධාවනය වූ දුම්රියේ පිටුපස කොටසේ ඊයේ (24) ගැටී තිබෙනවා.
එම අනතුරින් යතුරු පැදියේ පසු පැදිකරු එම ස්ථානයේදීම මියගොස් ඇති බවයි පොලිසිය සදහන් කරනවා
මරණකරු වයස අවුරුදු 51ක් වූ මරදානගේ වත්ත, තල්පේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
යතුරු පැදිකරු බරපතල තුවාල ලබා ගාල්ල කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබන අතර, හබරාදුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *