ආරුගම්බේ සංචාරක කලාප වෙත ප්‍රහාරයක් එල්ල වන බවට රජය දැනුවත් වී සිටියා නම් ආරක්ෂක අංශ හා බුද්ධි සේවා අනතුරු ඇඟවීම් සමාජගත නොකළේ ඇයි දැයි ගැටලුසහගත බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම ඊයේ (ඔක්. 24) පැවසීය.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙනුත් සිදු වූයේ ද? මෙවැනි ම දෙයක් බව ත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කීවේ ය.
රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වර්තමාන රජය මීට වඩා සැලකිලිමත් විය යුතු බව ත් රටේ පුරවැසියන්ගේ ආරක්ෂාව සහතික කිරීම අත්‍යවශ්‍ය බව ත් අලහප්පෙරුම මහතා පැවසීය.


