එළැඹෙන සංචාරක සමයේදී මෙරට සංචාරය කරන ලෙස ලොව පුරා සිටින සංචාරකයන්ට ආරාධනය කරන බවත් සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරු කර ඇති බවත් ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ඒ අනුව, ශ්‍රී ලංකාවට පැමිණෙන සියලු ම සංචාරකයන්ට ආරක්ෂා සහිතව මෙරට සුන්දරත්වය භුක්ති විඳීමට හැකි බව සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය අවධාරණය කරයි.
ශ්‍රී ලංකාවට පැමිණෙන සියලු ම සංචාරකයන්ට ආරක්ෂා සහිතව මෙරට සුන්දරත්වය භුක්ති විඳීමට හැකි පරිදි මෙරට තුළ සිටින සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය පියවර ආරක්ෂක අමාත්‍යාංශය ගෙන ඇති බව ත් සියලු ම සංචාරකයන් මෙරට රැඳී සිටින කාලය ඇතුළත ඉහළ ම ආරක්ෂාව ලබා දෙන බව ත් එම නිවේදනයේ සඳහන් වේ.
ආරුගම්බේ සංචාරක ස්ථානවලට ප්‍රහාර එල්ල විය හැකි බවට විදෙස් තානාපති කාර්යාල කළ නිවේදන නිසා කෙටි කාලීනව බලපෑමක් ඇති වුවත් එළැඹෙන සංචාරක සමය සඳහා කිසිදු ආකාරයක බලපෑමක් සිදු නොවන බව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරිය පවසයි
ආරුගම්බේ සංචාරක කලාපවලට ප්‍රහාර එල්ල වීමේ අවදානමක් ගැන තානාපති කාර්යාල නිවේදන කර තිබුණත් මේ වනවිට එම ප්‍රදේශයේ සිටින සංචාරකයන් කලබලකාරී වී නැති බව ත් දැනටත් සංචාරකයන් එහි සිටින බව ත්, මෙම නිවේදන නිකුත් කිරීම සංචාරක කර්මාන්තයට දින කිහිපයක් යනතුරු බලපෑමක් තිබුණත් එය දීර්ඝ කාලීන නොවන බව වැඩිදුරටත් ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරිය ප්‍රකාශ කරයි.


