ශ්රී ලංකා A කණ්ඩායම පන්දු වාර විස්සයි විස්ස ආසියානු කුසලාන අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි
අද (25) පැවති අවසන් පූර්ව වටයේ ශ්රී ලංකා A කණ්ඩායම සහ පාකිස්තාන A කණ්ඩායම අතර තරගයෙන් ශ්රී ලංකා කණ්ඩායම කඩුලු 7ක ජයක් වාර්තා කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තා.
තරගයේ කාසියේ වාසිය දිනාගත් පාකිස්තාන A කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඔවුන් සිය පන්දුවාර 20 තුළ කඩුලු 9 ක් දැවී ලකුණු 135 ක් ලබා ගත්තා. ශ්රී ලංකා පන්දු යවන්නන් අතරින් සහන් ආරච්චිගේ කඩුලු 4 ක්, නිපුන් රන්සිකගේ කඩුලු 2 ක්, හා එශාන් මාලිංගගේ කඩුලු 2 ක් බිඳ හෙලීමට සමත් විය.


