කලාපයේ ඉහළම සෞඛ්‍ය සේවාව පවතින රට රටවල් 11 කින් ඉහළම රට වන බැවින් මෙරට සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීම අරමුණ බව සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ රුපියල් මිලියන 167ක මුල්‍ය ප්‍රදානයන් මත නවීන පහසුකම් සහිත මාතර හෙද විද්‍යාලයේ (නිල්වලා හෙද පාසල) හෙද අධ්‍යාපනය සඳහා මහල් හතරකින් යුත් පරිපූර්ණ දේශන ශාලා සංකීර්ණය විවෘත කිරීමට එක්වෙමින්.
මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසුවේ දිවයිනේ හොඳම හෙද පාසලට හිමි සියලුම පහසුකම් මෙම හෙද විද්‍යාලයට ලැබී ඇති බවයි. රෝගී ජනතාවට වඩා හොඳ, ගුණාත්මක, ශුභවාදී, රෝගී හිතකාමී සෞඛ්‍ය සේවාවක් ලබාදීමට මේ රටට හැකි බව ද ඔහු පැවසීය. උත්සව හා සිහිවටන නොමැතිව විවෘත කරන නව සංස්කෘතියක් සෞඛ්‍ය සේවාව තුළ නිර්මාණය කර ඇති බවත් අත්‍යවශ්‍ය පුටු මිලදී ගැනීම සඳහා රුපියල් ලක්ෂ 35ක් කඩිනමින් ලබාදීමට කටයුතු කරන බවත් ලේකම්වරයා මෙහිදී පැවසීය.


