2024 දෙසැම්බර් 19 ‘සංගණන දිනය’ ට සමගාමීව තොරතුරු රැස් කිරීමේ ක්‍රියාවලියක් ක්‍රියාත්මක වේ
මෙම තොරතුරු රැස්කිරීමේ ක්‍රියාවලිය වෙනුවෙන් රටපුරා සෑම සංගණන ඒකකයකට ම සංගණන නිලධාරීන් පැමිණ තොරතුරු රැස් කරනු ඇති බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඩී.ඩී.ජී.ඒ. සෙනෙවිරත්න මහත්මිය පවසයි.
මෙම ප්‍රකාශය ඇය සිදු කළේ, පෙරේදා (ඔක්. 23) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති සාකච්ඡාවකදීය. සංගණන අඥා පනතට අනුව, ලබා ගන්නා පෞද්ගලික තොරතුරු රහස්‍යතාව සුරක්ෂිත කිරීමට සෑම නිලධාරියෙකු ම බැඳී සිටින බැවින් නිවැරදි බියවීමෙන් තොරව තොරතුරු ලබාදෙන මෙන් ඇය ජනතාවගෙන් ඉල්ලා සිටියාය.
2024 ඔක්තෝම්බර් 7 වන දා නිල වශයෙන් ආරම්භ වූ මෙම සංගණන ක්‍රියාවලියේ තුන්වන අදියර වන පුද්ගල හා නිවාස ඒකක පිළිබඳ තොරතුරු රැස් කිරීම මේ වන විට සිදු කෙරේ. තාක්ෂණික මෙහෙයුම් ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සහ පරිපාලන කටයුතු දිස්ත්‍රික් පරිපාලන කටයුතු මඟින් ක්‍රියාත්මක කරමින්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු නිලධාරීන් 35,000ක් පමණ මෙම සංගණන කටයුත්ත සඳහා යොදා තිබේ.
ශ්‍රී ලංකාවේ සංගණන ඉතිහාසයේ ප්‍රථම වරට පරිගණක තාක්ෂණය භාවිතා කරමින් මෙවර සංගණන කාර්යය සිදු කරනු ඇති බවත් අවසන් වරට 2012 වසරේ සංගණනක් පැවැති නිසා වසර 12කට පසුව මෙවර සංගණන කටයුතු සිදු වන බවත් ඇය පවසයි.
සෑම සංගණන ඒකකයකටම රතු පැහැති සංගණන ලේබලයක් සහ එම ඒකක වල පදිංචි පුද්ගලයින් සඳහා කහ පැහැති පත්‍රිකාවක් ලබා දෙන අතර, එම පත්‍රිකා පුරවා තොරතුරු ලබා දෙන ලෙස අධ්‍යක්ෂ ජනරාල්වරිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.


