කොළඹ කොටස් වෙළඳපොලේ සියලු කොටස් මිල දර්ශකය අද (25) ඒකක 12,500 සීමාව පසුකරමින් ඒකක 12,517.58ක් ලෙස සටහන් වී තිබේ.
ඒ අනුව මෙම ඉහළ නැංවීම සමඟින් වෙළඳපොලේ පිරිවැටුම රුපියල් බිලියන 4.752ක් බවට පත්විය.
මෙම ඉහළ මිල දර්ශකය සමඟ, කොටස් වෙළඳපොලේ ක්‍රියාකාරීත්වය වැඩිවී ඇති අතර, ආයෝජකයින්ගේ දැඩි අවධානයක් ඒ සඳහා යොමුව තිබෙන බවයි කොටස් වෙළඳපොල සඳහන් කර ඇත.
එමෙන්ම කොටස් වෙළඳපොලේ පසුගිය කාලසීමාව තුළ සිදු වූ ප්‍රතිලාභයන් හා දේශීය හා විදේශීය ආයෝජකයින්ගේ ක්‍රියාකාරීත්වයන් මෙම ඉහළ යාමට බලපෑමක් කළ බවද පැවසේ..


