දඹුල්ල නගරයේ සංචාරක ස්ථානවලට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්

dabulla 1

දඹුල්ල නගරයේ සංචාරකයින් ගැවසෙන ස්ථානවලට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බව පොලිසිය පවසයි.

පෙරේදා (ඔක්. 23) සිට මෙම ආරක්ෂක වැඩපිළිවෙල ක්‍රියාත්මක කර ඇති අතර දඹුල්ල ආශ්‍රිතව ඇති හෝටල්වලට විදේශ ජාතිකයන් හයසියයක් පමණ සංචාරය සඳහා පැමිණ ඇති බව ත් ඔවුන්ගේ ආරක්ෂාව සඳහා මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බව ත් පොලිස් ස්ථානාධිපතිවරයා පවසා ඇත.
විදේශිකයන් සංචාරයේ යෙදෙන රන්ගිරි දඹුළු රජ මහා විහාරය හා වළගම්බා පිරිවෙන ආශ්‍රිතව මාර්ග බාධක යොදා රථ වාහන පරික්ෂා කරමින් ආරක්ෂාව තර කිරීමට කටයුතු කරන බව පොලිසිය දන්වා සිටියි.

පසුගිය දිනයන්හි ආරුගම්බේ ප්‍රදේශයේ ඊශ්‍රායල ජාතිකයන් ඉලක්ක කරගනිමින් ප්‍රහාරයක් එල්ල කරන බවට ලැබුණු තොරතුරු හේතුවෙන් මෙම ක්‍රියා මාර්ගය ගත් බව පොලිස් ස්ථානාධිපතිවරයා වැඩිදුරට ත් සඳහන් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *