ඇල්පිටියේ පුන්චි ඡන්දය අදයි..

WhatsApp Image 2024 10 26 at 09.55.04

අද (26) උදෑසන 07ට ආරම්භ වූ ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම මේ වන විට පැවැත්වෙනවා .

මෙවර මැතිවරණය සඳහා ඡන්ද දායකයින් 55,643 දෙනෙක් ලියාපදිංචි වී ඇති අතර, පිළිගත් දේශපාලන පක්ෂ 8ක් සහ ස්වාධීන කණ්ඩායමක් මෙවර තරග කරනු ලබනවා, මෙහිදී පළාත් පාලන කොට්ඨාස 17ක් වෙනුවෙන් සභිකයින් 28 දෙනෙක් තෝරා පත් කර ගැනෙනවා.

ඒ අනුව මැතිවරණ රාජකාරි සඳහා රාජ්‍ය නිලධාරීන් 600ක් සහ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 500ක් යොදවා තිබෙනවා.

මේ අතර ජනාධිපතිවරණ ඡන්ද විමසීමේදී ඡන්ද දායකයින්ගේ වම් අතෙහි සුළඟිල්ල සලකුණු කර තිබීම හේතුවෙන් ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේදී සලකුණු කෙරෙන්නේ වම් අතෙහි මහපටැඟිල්ලයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *