බස්නාහිර , සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා සිටිනවා.
බස්නාහිර සබරගමුව සහ වයඹ පළාත්වල ඇතම් ස්ථානවලට මිලිමීටර් 75කට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැකි අතර සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද සඳහන් කර තිබෙනවා
උතුරු ,උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්ක වලත් විටින් විට හමන පැයට කිලෝමීටර් 45 ක පමණ තද සුළං ඇති විය හැකි බව තවදුරටත් සදහන් කර සිටිනවා.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනු ලබනවා.


