මාර්ගයේ නවතා තිබු කන්ටේනර් රථයක යතුරු පැදියක් ගැටීමෙන් සිදුවූ අනතුරෙන් පොල්ගහවෙල, අලව්ව මාර්ගයේ ඊයේ (24) රාත්‍රීයේ දෙදෙනෙකු මිය ගොස් ඇති බව පොලිසිය පවසනවා.
මෙම අනතුරට පත් යතුරු පැදිය අලව්ව දෙස සිට පොල්ගහවෙල දෙසට ධාවනය වීමේදී මෙම අනතුර සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය තවදුරටත් සදහන් කර සිටිනවා.
අනතුරින් පැදිකරු හා පසුපැදිකරු බරපතල තුවාල ලබා පොල්ගහවෙල රෝහලට ඇතුළත් කිරීමේදී දෙදෙනාම මිය ගොස් ඇති බව පොලිසිය පවසා සිටියා.
මිය ගිය පුද්ගලයින් පොල්ගහවෙල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 45 සහ 48 වයස්වල පසුවන අය බව පොලිසිය සඳහන් කරයි.
මෙම අනතුරට අදාළ කන්ටේනර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර පොල්ගහවෙල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබන බවද සඳහන් කරයි.


