මන්දපෝෂණයෙන් මුල් තැන ගම්පහට…

gampaha web
වයස අවුරුදු 5ට අඩු දරුවන් 25369ක් මධ්‍යස්ථ තීව්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන බව පවුල් සෞඛ්‍ය කාර්යාංශය පෙන්වා දෙයි. එමෙන්ම උග්‍ර තීව්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් 10,323 දෙනකු සිටින බවද එම කාර්යාංශය පෙන්වා දෙයි.
පවුල් සෞඛ්‍ය කාර්යාංශය විසින් 2024 වසරේ නිකුත් කළ වාර්තාවක දැක්වෙන්නේ එම දරුවන්ගෙන් වැඩිම දරුවන් සංඛ්‍යාවක් සිටින්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ බවයි. ගම්පහ දිස්ත්‍රික්කයේ මධ්‍යස්ථ තීව්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් 2550 දෙනකු සිටින බවත් උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් 994 දෙනකු සිටින බවත් හෙළිව ඇත.
මෙහි දෙවෙනි ස්ථානයට පත්ව ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කය වන අතර එහි තීව්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් 2245ක් වාර්තා වී ඇති අතර උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් 930ක් වාර්තා වී ඇත.
මහනුවර දිස්ත්‍රික්කයෙන් පිළිවෙළින් දරුවන් 1,578ක් හා 672ක්ද වාර්තා වී ඇත. අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් තීව්‍ර මන්දපෝෂණයෙන් දරුවන් 1,340 දෙනකු හා උග්‍ර මන්දපෝෂණයෙන් දරුවන් 629 ක් ද රත්නපුර දිස්ත්‍රික්කයේ පිළිවෙළින් 1312ක් හා 549ක් ද වාර්තා වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *