ඇල්පිටියේ ඡන්ද ගනන් කිරීම ඇරඹේ

chanda 1
ඇල්පිටිය ප්රාදේශීය සභා ඡන්ද විමසීමේ කටයුතු අද (26) පස්වරු 4.00ට අවසන් කෙරුණා. ගාල්ල දිස්ත්රික් තේරීම්භාර නිලධාරී ඩබ්ලිව්.ඒ. ධර්මසිරි සඳහන් කළේ, අදාළ ඡන්ද මධ්යස්ථානවලදීම ඡන්දය ගණනය කිරීම් සිදුකෙරෙන බවයි. ඡන්ද විමසීමේ කටයුතු ඉතා සාමකාමී බවද ඔහු සඳහන් කළා.
“අද පස්වරු 3 පමණ වනවිට නියමිත ඡන්ද ප්රමාණයෙන් ඡන්ද 51%ක ප්රමාණයක් ඡන්දය භාවිත කර තිබුණා. අද පස්වරු 4:30ට පමණ ඒ ඒ ඡන්ද පොළේදීම ඡන්දය ගණනය කිරීමේ කටයුතු ආරම්බ කෙරෙනවා”යැයි ගාල්ල දිස්ත්රික් තේරීම්භාර නිලධාරීවරයා කියා සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *