මෙරට පිළිකා රෝගීන් ගණන සීග්‍රයෙන් ඉහළට

cancer web

සෞඛ්‍ය අමාත්‍යංශ වාර්තාවන්ට අනුව මෙරටින් සෑම වසරකම පිළිකා රෝගීන් 35,000 ත් 40,000 ත් අතර සංඛ්‍යාවක් අලුතින් හඳුනාගැනේ. එමෙන්ම මෙරට වාර්ෂික සාමාන්‍ය පිළිකා මරණ ගණන 19,000කට අධිකය.

මෙරට කාන්තාවන් පියයුරු පිළිකාවට සහ පිරිමි පුද්ගලයන් මුඛ පිළිකාවට වැඩි වශයෙන් ගොදුරුවීමේ ප්‍රවණතාවක් පිළිකා රෝගී දත්තවලින් පෙන්නුම් කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

එම වාර්තාවලට අනුව ලියුකේමියාව, වසා ගැටිති ආශ්‍රිත පිළිකා, මොළය ආශ්‍රිත පිළිකා සහ අස්ථි ආශ්‍රිත පිළිකාවලට ළමයින් වැඩි වශයෙන් ගොදුරු වී ඇති බව හෙළි වී තිබේ.

වසරක් තුළදී ආසන්න වශයෙන් ළමා පිළිකා රෝගීන් 1,000ක් මෙරටින් වාර්තා වන අතර ජාතික පිළිකා ලේඛනයේ නවතම දත්ත අනුව 2021 වසරේදී ලියුකේමියාව, වසා ගැටිති ආශ්‍රිත පිළිකා, මොලය ආශ්‍රිත පිළිකා සහ අස්ති ආශ්‍රිත පිළිකා ආදී ළමා පිළිකා රෝගීන් 1,032ක් හඳුනාගෙන ඇත.

පිළිකා රෝග මේ වන විට ලොව ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බවද එම වාර්තා වල සදහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *