ඊයේ (27) ආසියානු නැගීඑන කණ්ඩායම් කුසලාන 20-20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට ඇෆ්ගනිස්තාන ‘A’ කණ්ඩායම සමත් වුණා. ඒ ශ්‍රී ලංකාවට එරෙහිව කඩුලු 7ක් දැවී 133ක් ලකුණු රැස් කරමිනුයි.
තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර, ඔවුන් සියලු පන්දුවාර අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 133ක් රැස් කිරීමට සමත් වුණා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ඇෆ්ගනිස්තාන ‘A’ කණ්ඩායම, පන්දුවාර 18යි පන්දු 1ක් අවසානයේ කඩුලු 3ක් දැවී එම ඉලක්කය සපුරා ගැනීමට සමත් විය.
එහිදී Sediqullah Atal නොදැවී ලකුනු 50ක් රැස් කළ අතර Karim Janat ලකුණු 33ක් සහ Darwish Rasooli ලකුණු 24ක් රැස් කරමින් සිය ඉනිම ශක්තිමත් කිරීමට හැකි විය.
එමෙන්ම පන්දු යැවීමේදී ශ්‍රී ලංකා ‘A’ කණ්ඩායම වෙනුවෙන් Dushan Hemantha, Eshan Malinga, Sahan Arachchige එක් කඩුල්ල බැගින් දවා ගැනීමටද සමත් විය.


