හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද ඉවත් කිරීමට පියවර

anura 3 web

ඉදිරි මහමැතිවරණය වෙනුවෙන් ඊයේ (27) පස්වරුවේ බද්දේගම පැවති ජන රැලියකදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසා සිටියේ හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද ඉවත් කිරීම සහ ඔවුන් වෙනුවෙන් රජය දරන වැය බර මුළුමනින්ම ඉවත් කිරීම සඳහා අවශ්‍ය චක්‍රලේඛ හා පනත් සංශෝධන කිරීමට පියවර ගන්නා බවයි.

“අපි ජයග්‍රහණය කරලා දැන් මාසෙකට වැඩි කාලයක් ගතවෙලා තියෙනවා. දැන් එයාලා කියපුවාට මොකද වුණේ? ඒ ඔක්කොම අසත්‍ය බවට තහවුරු වෙලා තියෙනවා. ගෑස් පිපුරුවේ නැහැ, ඩොලරය රුපියල් 400ට ගියේ නැහැ, ලංකා ඉතිහාසයේ පළමු වතාවට ජයග්‍රහණයක් සමරනවා රතිඤ්ඤාවත් පත්තු නොකර. ජය සැමරුවා සාමකාමීව. “

“ඩොලරය රුපියල් 300ට පහළින් තියාගෙන ඉන්නවා. තෙල්, ගෑස් පෝලිම් ඇතිවෙන්න ඉඩදුන්නේ නැහැ. ජාත්‍යන්තර සබඳතා වෙනදාට වඩා ශක්තිමත් කරමින් ඉන්නවා. කියපු සියල්ල අසත්‍ය බව ජනතාව අද දන්නවා. ජනපතිවරණයේදී ඡන්දේ නොදීපු අයත් මහ මැතිවරණයේදී මාලිමාවට ඡන්දය දෙනවා…දෙනවද? නැද්ද?…දෙනවා.”

“මන්ත්‍රි වරප්‍රසාද අඩුවෙන්න ඕනේ. වැය බර අඩුවෙන්න ඕනේ. ජනපති වෙනුවෙන් දරන වැය බර අඩු කරන්න ඕනේ. හිටපු ජනපතිවරු වෙනුවෙන් දරන වැය බර මුළුමනින් අඩු කළ යුතුයි. අපි දැන් කමිටුවක් දාලා තියෙන්නේ චක්‍රලේඛ, පනත්, ව්‍යවස්ථාව මගින් වරප්‍රසාද පිරිනමා තිබෙනවා. ඒ සියල්ල ඉවත් කරන්න සාකච්ඡා කරලා.”

“හිටපු ජනපතිවරු බලාගන්න එක නතර කරනවා.ඒවා කරන්න බෑ. පොඩි ගණන් නෙවෙයි. ආරක්ෂකයෝ 163ක් ඉල්ලනවා. ගිලන් රථ, BMW කාර් ඇතුළු වාහන 16ක් 17ක් ඉල්ලනවා. ගෙදර අයගේ ගාණට වැඩියෙන් කෝකියෝ ඉල්ලනවා. මෙහෙම රටක් කරන්න බැහැ. “
“දේශපාලනය වරප්‍රසාදයක් ලෙස හිතනවා. විශ්‍රාම ගියාම බලාගැනීම ජනතාවගේ වැඩක් කියලා හිතනවා. ඒවා ජනතාවගේ වැඩ නෙවෙයි. ඒවා ඉතා ඉක්මණින් අපි ඉවත් කරනවා හැම නායකයාටම ඇහෙන්න කියන්නේ.”

“පළිගැනීමට කරන දෙයක් නෙවෙයි. දේශපාලනය මහජන සේවයක් කළ යුතුයි. ගරු ඇමති අතිගරු ජනපති කියන්නේ ඇයි? .ගරු සේවය, අතිගරු සේවය මේක හොඳ අතිගරු සේවය. ඉන්නකොටත් බලාගෙන, ගියාමත් බලන්න ඕනේ. මේවා නතර කරනවා.”
“පොඩි කම්මැලි ඡන්දයක් තියෙනවා. වෙනදා මෙහෙමද? ගිනි තියනවා, පහර දෙනවා, රථ පෙළපාලි යනවා. දැන් තියෙනවද එහෙම ඒවා. මේවා තමයි ඡන්ද කියන්නේ ජාතික ජනබලවේගය ආණ්ඩුව නිදහස් මැතිවරණයක් තහවුරු කළා. ඒවා ජයග්‍රහණ.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *