පොල් වගා කිරීමේ මණ්ඩලය පවසන පරිදි නාරාහේන්පිට කම්කරු කාර්යාල පරිශ්‍රයේ දී සහන මිලට පොල් අලෙවි කිරීමේ ජංගම රථ සේවාව අද (28) දින පැවත්වීමට කටයුතු කර තිබෙනවා.
පෙරවරු 9.00 සිට විවෘතවන පොල් අලෙවි කිරීමේ ජංගම රථ සේවාව මගින්, පැමිණෙන පාරිභෝගික ජනතාවට පොල් ගෙඩි 5 බැගින් අලෙවි කරන බවත්, ගැබිනි මාතාවන්ට සහ වයෝවෘද්ධ පුද්ගලයන්ට පොල් ගෙඩි 10 බැගින් අලෙවි කරනු ලබන බවත් සඳහන්. එහිදී ලොකු පොල් ගෙඩියක් රුපියල් 120කට ලබාගත හැකි බව තවදුරටත් සඳහන් කර තිබෙනවා.
එසේම හෙට (29) දින දෙහිවල නගරයේ දී පාරිභෝගික ජනතාව වෙනුවෙන් පොල් අලෙවි කිරීමට කටයුතු කරන බව පොල් වගා කිරීමේ මණ්ඩලය පවසා සිටිනවා.


