දිවයිනේ ඇතැම් ප්‍රදේශ වලට අදත් ගිගුරුම් සහිත වැසි

rain web 1
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති නිවේදනයට අනුව බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් අද (28) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව සදහන් වෙනවා.
එමෙන්ම බස්නාහිර, සබරගමුව, වයඹ, ඌව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැකි බව සඳහන්.
දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.
උතුරු, උතුරුමැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40ක පමණ තද සුළං ඇතිවිය හැකියි.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තවදුරටත් ප්‍රකාශ කර සිටියේ ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය සහ මන්නාරම හරහා පුත්තලම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි අතර පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ මාතර හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර 2ත් 2.5ත් පමණ ඉහළ යාමේ හැකියාව පවතින බව යි.
අයහපත් කාලගුණ තත්වයන් මගින් ඇතිවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනු ලබනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *