ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය..

vote web 1
ජාතික ජන බලවේගය
 ලබාගත් ඡන්ද සංඛ්‍යාව – 17,295
හිමිවූ මන්ත්‍රී ධුර සංඛ්‍යාව – 15
සමගි ජන බලවේගය
ලබාගත් ඡන්ද සංඛ්‍යාව – 7,924
 හිමිවූ මන්ත්‍රී ධුර සංඛ්‍යාව – 06
ශ්‍රී.ලංකා පොදුජන පෙරමුණ
ලබාගත් ඡන්ද සංඛ්‍යාව – 3,597
හිමිවූ මන්ත්‍රී ධුර සංඛ්‍යාව – 03
පොදුජන එක්සත් පෙරමුණ
ලබාගත් ඡන්ද සංඛ්‍යාව – 2,612
හිමිවූ මන්ත්‍රී ධුර සංඛ්‍යාව – 02
ස්වාධීන කණ්ඩායම
 ලබාගත් ඡන්ද සංඛ්‍යාව – 2,568
හිමිවූ මන්ත්‍රී ධුර සංඛ්‍යාව – 02
පොදුජන එක්සත් නිදහස් සන්ධානය
ලබාගත් ඡන්ද සංඛ්‍යාව – 1,350
හිමිවූ මන්ත්‍රී ධුර සංඛ්‍යාව – 01
ජාතික ජනතා පක්ෂය
 ලබාගත් ඡන්ද සංඛ්‍යාව – 521
 හිමිවූ මන්ත්‍රී ධුර සංඛ්‍යාව – 01
මෙවර ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේදී පළාත් පාලන කොට්ඨාස 17ක් වෙනුවෙන් සභිකයින් 30 දෙනෙකු තෝරා පත්කර ගැනෙනවා.
සමස්ථ ඡන්ද සංඛ්‍යාව ඡන්ද 17,295ක් ලබා ගනිමින් ජාතික ජන බලවේගය කොට්ඨාසයන් 15ක ජය වාර්තා කිරීමට සමත් වී තිබෙනවා.
ප්‍රාදේශීය කොට්ඨාසයන් දෙකක ජය හිමිකර ගැනීමට සමත්ව ඇත්තේ සමගි ජන බලවේගය විසින්. ඔවුන් ලබාගත් සමස්ථ ඡන්ද සංඛ්‍යාව ඡන්ද 7,924ක්.
සමස්ථ ඡන්ද සංඛ්‍යාව 3,594ක් ලෙස ලබාගනිමින් තෙවන ස්ථානය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලබාගත් අතර, ඔවුන්ට කිසිඳු ප්‍රාදේශීය කොට්ඨාසයක ජය හිමිවුණේ නැහැ.
මෙහිදී සිව්වන ස්ථානය ලබාගත් පොදුජන එක්සත් නිදහස් සන්ධානය ලබාගත් සමස්ථ ඡන්ද සංඛ්‍යාව ඡන්ද 2,612ක් වන අතර පස්වන ස්ථානය හිමිකර ගත්තේ ස්වාධීන කණ්ඩායමයි, ඔවුන් ලබාගත් සමස්ථ ඡන්ද සංඛ්‍යාව ඡන්ද 2,568ක්.
ඒ අනුව, ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා ජාතික ජන බලවේගයට මන්ත්‍රී ධුර 15කුත්, සමගි ජන බලවේගයට මන්ත්‍රී ධුර 06කුත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මන්ත්‍රී ධුර 03කුත්, පොදුජන එක්සත් පෙරමුණට සහ ස්වාධීන කණ්ඩායමට මන්ත්‍රී ධුර 02 බැගිනුත්, පොදුජන එක්සත් නිදහස් සන්ධානයට සහ ජාතික ජනතා පක්ෂයට එක් මන්ත්‍රී ධුරය බැගින් හිමිවුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *