යාල් දේවි හා රජරට රැජිණ දුම්රියන් ධාවනය අද සිට

train web

යාල් දේවී හා රජරට රැජින දුම්රියන් ධාවනය අද (28) සිට යළි ආරම්භ කර තිබේ.

උතුරු දුම්රිය මාර්ගයේ නවීකරණ කටයුතු අවසන් වීමෙන් මාස 10 කට පසු යාල් දේවී හා රජරට රැජින දුම්රියන් මෙලෙස යළි ගමන් ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය යළි ආරම්භ කරමින් යාල්දේවී දුම්රිය කොළඹ කොටුව හා කන්කසන්තුරේ දුම්රිය ස්ථාන අතරත්, රජරට රැජින දුම්රිය කොටුව හා අනුරාධපුරය දුම්රිය ස්ථාන අතරත් ධාවනය කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *