මුදල් ඔට්ටුවට ත්‍රීවිල් රේස් පැද්ද තරුණයින්ට වැඩ වරදි..

tuk web

කොළඹ – මීගමුව ප්‍රධාන මාර්ගයේ මාර්ග නීති උල්ලංඝනය කරමින් රාත්‍රී කාළයේදී මුදල් ඔට්ටු මත ත්‍රී රෝද රථවලින් රේස් පැද්ද පිරිසක් වත්තල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

වත්තල පොලීසියට ලද තොරතුරක් මත අද (28) අලුයම ත්‍රී රෝද රථ 09ක් සහ රියදුරන් 09 දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
රියදුරන් අවුරුදු 18ත් 22ත් අතර වයස්වල පසුවන වැල්ලම්පිටිය, දෙමටගොඩ, මෝදර, කෙරවලපිටිය හා මාබෝල ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන් කාලයක සිට මධ්‍යම රාත්‍රියේ දී කොළඹ – මීගමුව ප්‍රධාන මාර්ගයේ මාබෝල ප්‍රදේශයේ මෙම රේස් පැදීම සිදුකළ බව ප්‍රදේශවාසීන් පවසයි.

මෙම රේස් පැදීම හේතුවෙන් එම මාර්ගයේ ගමන් ගන්නා රථවාහනවලට, පදිකයින්ට සහ මාර්ගය භාවිත කරන්නන්ට මහත් දුශ්කර තත්ත්වයන්ට මුහුණ දීමට සිදු වී ඇති බවත් අනාවරණය වී තිබේ.

අත්අඩංගුවට ගත් රියදුරන් රාගම මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත ඉදිරිපත් කර ඇති අතර එහිදී හෙළි වී ඇත්තේ ඔවුන් මත්පැන් පානය කර සිට ඇති බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *