ජෝ බයිඩන් මිනිත්තු 40 ක් පෝලිමේ සිට, සිය ඡන්දය ප්‍රකාශ කරයි….

jeo web

ඇමෙරිකාවේ ජනාධිපති ජෝ බයිඩන්, ඔහුගේ ගම්පළාත වන ඩෙලවෙයාර් ජනපදයේ නිව් කාසල් නගරයේ ඡන්ද මධ්‍යස්ථානයට ගොස්, මිනිත්තු 40 ක් පෝලිමේ සිටීමෙන් අනතුරුව සිය ඡන්දය ප්‍රකාශ කළ බව සදහන් වේ.

ඇමෙරිකාවේ ජනාධිපතිවරණය ලබන නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙන අතර, එයට පෙර ජනපද මට්ටමින් වේලාසනින් ඡන්දය ප්‍රකාශ කිරීමට ඇමෙරිකන් වැසියන්ට අවස්ථාවක් ලැබෙන අතර ඒ අනුව බයිඩන්, ජනාධිපති ආරක්ෂක නිලධාරීන්ගේ ආරක්ෂාව සමඟ නිව් කාසල් නගරයේ ඡන්ද මධ්‍යස්ථානයට පිවිස ඇති බවද සදහන් වේ . 81 හැවිරිදි ජනාධිපතිවරයා, පෝලිම්දී ඔහුට ඉදිරියෙන් රෝද පුටුවකින් පැමිණ සිටි වැඩිහිටි කාන්තාවකට සහාය දැක්වීමටද අමතක නොකල බව තවදුරටත් සදහන් වේ.

මෙවර ඇමෙරිකන් ජනාධිපතිවරණයට ප්‍රධාන අපේක්ෂකයන් ලෙස රිපබ්ලිකන් ධුර අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් සහ වත්මන් උප අගමැතිනී ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා කමලා හැරිස් නම් කර ඇති බව සඳහන් වේ.

ජනමත සමීක්ෂණ අනුව, මෙම දෙදෙනා අතර තීව්‍ර සටනක් පැවැත්වීමට ඉඩ ඇතැයි පැවසෙන අතර කමලා හැරිස් ජනාධිපති ධුර අපේක්ෂිකාව ලෙස නම් කළේ බයිඩන් විසින් බවද වාර්ථා වෙයි. පසුගිය ජූලි මාසයේ, බයිඩන් ජනාධිපති ධුර අපේක්ෂකත්වයෙන් ඉවත් වූයේ ඔහුගේ වයස බාධාවක් වූ බැවිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *