දුම්රිය වැගන් වල අධික උෂ්ණත්වය: ඖෂධ ගුණාත්මකභාවයට බරපතල අවදානමක්
සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් ඒකකය යැවූ කෝටි ගණනක වටිනා ඖෂධ තොගයක්, මාස දෙකකට අධික කාලයක් තිස්සේ සෙල්සියස් අංශක 45ක අධික උෂ්ණත්වයේදී දුම්රිය වැගන් වල රඳවා තැබීම හේතුවෙන් ගුණාත්මකභාවය අඩුවීමේ දැඩි අවදානමකට ලක්ව පැවතී තිබේ. මේ බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.
රෝහල්වලට බෙදාහැරීම සඳහා කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් අනුරාධපුර දුම්රිය ස්ථානයට පසුගිය වසරේ මුල් මාස හයක් තුළ යවන ලද ඖෂධ තොගයක් සෞඛ්‍ය ආයතන විසින් නිසි වේලාවට ඉවත් නොකිරීම නිසා මෙම තත්වය මතු වූ බව එම වාර්ථා වල සදහන් වේ.
ඖෂධ ඉවත් නොකිරීම නිසා දුම්රිය දෙපාර්තමේන්තුවට ගෙවිය යුතු ප්‍රමාද ගාස්තුව රුපියල් ලක්ෂ පණහකට ආසන්න වටිනාකමක් වන බවද තවදුරටත් එහි සදහන් වේ.
වෛද්‍ය සැපයීම් ප්‍රවාහනය සඳහා ප්‍රමාණවත් ලොරි රථ නොමැතිකම සහ ලැබෙන තොග ගබඩා කිරීමට ප්‍රමාණවත් ඉඩ නොමැතිවීම හේතුවෙන්, ඖෂධ තොග දුම්රිය ගැල්මඟින් ආයතන වෙත යොමු කරන බව සෞඛ්‍ය ප්‍රධානීන් සඳහන් කරයි.
තවද මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ, දුම්රිය ගැල්මගින් වෛද්‍ය සැපයීම් බෙදාහැරීම ප්‍රායෝගික නොවන බව පෙනී ගිය ද, රජයට වඩාත් වාසිදායක හා පහසු ක්‍රමය මෙය වන බවයි.


