චීනයේ ජාතික ගුවන් සේවය වන එයාර් චයිනා (Air China) 2023 ඔක්තෝබර් 27 වන දිනයේ සිට කොළඹට දිනපතා ගුවන් ගමනක් ආරම්භ කර ඇති බව නිවේදනය කරයි. මෙම ගමන සඳහා එයාර්බස් A320-neo යානා යොදා ඇති බව වාර්තා වෙයි.
මෙම නව ගුවන් සේවාව, කොළඹ සහ චීනයේ ප්‍රධාන නගර අතර සහ අනෙකුත් ජාත්‍යන්තර ගමනාන්ත අතර සම්බන්ධතාව වඩාත් දියුණු කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වන බවද සදහන් වේ.
2024 ඔක්තෝබර් මාසයේ මුල් දින 27 තුළ මෙරටට පැමිණ ඇති චීන ජාතිකයන් ප්‍රමාණය 7,426කි. එයාර් චයිනා දෛනික ගුවන් ගමන් ආරම්භ කිරීමත් සමග මේ ප්‍රමාණය තවදුරටත් ඉහළ යනු ඇති බව ගුවන්සේවා විශ්ලේෂකයින් පවසා තිබනවා.
විශේෂඥයින් පවසන ප්‍රකාශයක් අනුව, දෙරට අතර සංචාරක, වෙළඳාම සහ සංස්කෘතික හුවමාරුව ප්‍රවර්ධනය කරනු ඇති බවද දැක්විය හැකිය.


