කමිදු පියවරක් ඉදිරියට…

kamindu web

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිකුත් කර ඇති ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල එක් පියවරක් ඉදිරියට පැමිණීමට කමිදු මෙන්ඩිස් සමත්ව තිබෙනවා.

ඒ අනුව, 10 වන ස්ථානයේ සිටි ඔහු 9 වන ස්ථානය දක්වා පැමිණ ඇති අතර, දිමුත් කරුණාරත්න හිමිව ඇත්තේ, 16 වන ස්ථානයයි.

එමෙන්ම,ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ටෙස්ට් නායක ධනංජය ද සිල්වා ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල 17 වන ස්ථානයේ පසුවනවා.

එංගලන්ත කණ්ඩායමේ ජෝ රූට් එම ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානය පසුවන අතර, ටෙස්ට් පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි පළමු තැනට දකුණු අප්‍රිකාවේ කගිසෝ රබාඩා පැමිණ ඇත්තේ ඉන්දියාවේ ජස්ප්‍රිට් බුම්රා අභිබවා යමින් ප්‍රභාත් ජයසූරියට එහි 6 වන ස්ථානයේ පසුවනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *