අපේ පළමු අයවැයෙන්ම රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කරනවා….

anura web

ඊයේ (02) දින මහනුවර පැවති ජාතික ජනබලවේගය විසින් සංවිධාන කළ ජන රැලියට එක්වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක පවසා සිටියේ පළමු අයවැයෙන්ම රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම සිදු කරන බවයි.

පසුගිය රජයට මුදල් තිබුණේ නම් එය එම අවස්ථාවේදීම කළ හැකිව තිබූ බවද ජනාධිපතිවරයා මෙහිදි කියා සිටි අතර හිටපු ජනාධිපතිවරයා රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමට කැබිනට් පත්‍රිකා ගැසුවද සැබෑ ලෙසම වැටුප් වැඩි කිරීමක් සිදු වන්නේ තම ආණ්ඩුවේ පළවෙනි අයවැයෙන් බව ජනාධිපතිවරයා ප්‍රකාශ කරන ලදී.

ආණ්ඩුව මාස තුනක කාලයකින් අසාර්තක වේ යැයි ඔවුන් බලා සිටින බව පැවසූ ජනාධිපතිවරයා මේ රට හදලා මිස ජාතික ජනබලවේග ආණ්ඩුව ආයේ හරවන්නට බැරි බවද මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *